Pages

No posts.
No posts.

About My University

About My University
Uva Province is one of the most underdeveloped provinces in Sri Lanka. Education is at a lower level than the rest of the country. Civil society in Uva constituting of clergy, local politicians, government servants and public, clamored for setting up of a university in the belief that it would enhance their opportunity for rapid development. In response to this clamor to establish a university in the Uva Province, the Uva Wellassa University (UWU) of Sri Lanka was established by government gazette effective 1 June 2005 in Badulla, three kilometers on to the Passara Road, in the salubrious surroundings of a panoramic location in the hills. In establishing this university, a team headed by Professor H.P.M. Gunasena submitted a report followed by a further detailed concept paper prepared by the Coordinating Committee for the establishment of the Uva Wellassa University headed by Mr. Chandra Embuldeniya. Based on this concept paper, which outlined a new model for the setting up of this university avoiding traditional pitfalls the UGC Chaired by Prof. B.R.R.N. Mendis cleared the way for this university. Mr. Chandra Embuldeniya was later appointed as Vice Chancellor effective 27 July 2005.

About Me

My photo
Nildandahinna, Nuwara Eliya, Sri Lanka
I'm Thusitha Dewapriya Bandara. My home town is Nildandahinna. It is very beautiful place in Nuwara Eliya district. There are 5 members in my family & I'm the eldest. I studied at Cp/N/Koth/ Gemunu Maha Vidyalaya untill grade7. After I studied at Cp/N/W/Sri Sumangala National School. I did my A/L in Bilogy stream. Now, I'm a undergraduate of Uva Wellassa university, Sri lanka . My faculty is Science & Technology. My degree program is Computer Science & Technology.I like to learn about new technology of world.

ක්‍ෂණ සම්පත්තිය ඇතිවෙන ආකාරය

බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇති ආකාරයට එය ඇතිවන්නේ මෙසේයි,
බුදුරජාණන් වහන්සේ නමක් මෙලොවට පහල වී දෙව්, මිනිසුන්ගේ හිත සුව පිණිස ධ‍ර්මය දේශනා ක‍රන විටකදී හෝ එම බුද්ධ දේශණාවල් ඉගන ගත් ශ්‍රාවක වහන්සේ නමක් විසින් එම ධර්මය දේශණා ක‍රන විටකදී අපට ක්‍ෂණ සම්පත්තිය ඇති වේ.

මිනිස් බවයක් ලැබීම

මිනිස් බවයක් ලැබීම ගැන බුදු රජාණන් වහන්සේ ලස්සන උපමාවකින් පැහදලා දීල තියෙනවා. දවසක් බුදු රජාණන් වහන්සේ පාදයෙන් නිය මතුපිටට පස් ස්ව්ල්පයක් ගෙන "ආනන්ද, මේ මාගේ නිය මතුපිටට ඇති පස් ප්‍රමාණයද විශාල මේ මහපොළොවේම ඇති පස් ප්‍රමාණයද?" කියා ව්මසුවා. එවිට ආනන්ද හාමුදුරුවෝ "ස්වාමීනී, මේ මහ පොළොවේ ඇති පස් ප්‍රමාණය ඔය නියමතුපිට ඇති පස් ප්‍රමාණය වඩා බොහෝ විශාලයි" යනුවෙන් පැවසුවා. එවිට බුදු රජාණන් වහන්සේ "ආනන්ද මෙන්න මේ නියමතුපිට ඇති පස් ප්‍රමාණය වගේ සුලු අවස්ථාවක් තමයි තියෙන්නේ මිනිසෙකු මිය ගිය පසු නැවත මිනිස් භවයක් ලබා උපදීමට".

දැන් බලන්න අද කාලේ මිනිසෙක් වෙලා ඉපදුනාම එයාට තියෙන බලාපොරොත්තු මොනවද?
මුලින්ම හොඳ පාසලකට ගිහින් හොදට ඉගෙන ගන්නවා. ඊට පස්සේ වැඩි දුර අධ්‍යාපනයට යොමුවෙලා හොඳ රැකියාවක් හොයාගෙන සල්ලි ටිකක් හම්බක‍රල ඊලගට විවාහ වෙනවා. ඊට පස්සේ දරු මල්ලො හදාගෙන ජීවත් වෙන එක තමයි එයාගෙ අරමුණ. ඉතිං මේ වගේ ජීවිතයක් ගෙවන ඔහු සෝවන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් වෙන්න ඔනි කියල අංශුමාත්‍රයක හෝ අරමුණක් ඇතිවෙන්නේ නෑනේ. ධර්මය යන්තම් හෝ දන්න කෙනා නම් මේ ගැන දන්නව. අද මේ තියෙන ධර්මය අපිට ලැබුනේ අහම්බෙන් ලැබුන වාසනාවක් නිසා. ඒක බොහොම ලස්සන වගේම දුකත් හිතෙන කථාවක්.

මීට අවුරුදු 2000 ට විත‍ර ඉස්සර ලංකාවට වැඩම ක‍රපු මිහිදු මහ‍රහතන් වහන්සේ විසින් දේශනා කරන ලද බුද්ධ ධර්මය මෙහෙ ස්වාමීන් වහන්සේලා කට පාඩමින් තමයි රැකගෙන ඉඳල තියෙන්නේ. කාලයක් ලංකාවේ දුර්භික්ෂයක් ඇතිවෙලා තියෙනවා. ඒ කාලේ කුසට‍ කිසිම ආහාරයක් නැතුව 12,000 ක් පමණ රහතන් වහන්සේලා පිරිසක් සිතුල් පව්ව උඩ පිරිනිවන් පාල තියෙනවා. මේ නිසා ඉතිරි ස්වාමින් වහන්සේලාගෙන් කොටසක් දකුණු ඉන්දියාවට වැඩමක‍රල. ලංකාවේ උන්නු ස්වාමින් වහන්සේලා පිරිස වෙරළට ඇවිල්ලා වැටකෙයියා ගස් මිරිකලා ගත්තු යුෂ වළඳලා දිවි රැකගෙන තමයි මේ ශ්‍රී සද්ධර්මය කට පාඩමින් රැකගෙන තියෙන්නේ.

දුර්භික්ෂ සමය අවසන් උනාට පස්සේ දකුනු ඉන්දියාවට වැඩිය ස්වාමීන් වහන්සේලා පිරිස නැවත ලංකාවට වැඩම කලා. ඊට පස්සේ දෙපිරිස එකතුවෙලා ධර්ම දැනුම පිළිබඳව පරීක්‍ෂා කලාම(ධර්ම සංගායනාව) දෙගොල්ලන්ගෙම දැනුම නිවැරදිව තිබුනා. ඉතිං මේ රහතන් වහන්සේලාට ලොකු අවදානමක් දැනුනා "මේ වගේ අනතුරක් අනාගතයේදී ඇතිඋනොත් මෙලෙසම බුදු දහම රැකේවිද?" කියලා.

ස්වාමීන් වහන්සේලා, රහතන් වහන්සේලා එකතුවෙලා "අප මුලින් රැකිය යුත්තේ ප‍රියාප්තිය ද?, ප්‍රතිපත්තියද ?" ඒ කියන්නේ බුද්ධ වචනයද? නැත්නම් එය අනුගමනය කිරීමද? කියලා සාකච්ජා කලා. කොටසක් පැවසුවා ප‍රියාප්තිය කොච්චර තිබුනත් වැඩක් නෑ ප්‍රතිපත්තියයේ යෙදුනොතින් තමයි මේ ධර්මය රැකෙන්නේ කියලා. එතකොට එතන වැඩ සිටපු රහතන් වහන්සේලා නැගී හිටලා පැවසුවා "නෑ, ප්‍රතිපත්තිය අපට හ‍රිගස්ස ගන්න පුලුවන් හ‍රියට ප‍රියාප්තිය තියෙනවා නම්".

ඊට පස්සේ තීරණය කලා කට
පාඩමින් ගෙන ආපු බුද්ධ වචනය ලියන්න ඕන කියලා. දැන් පාලි භාෂාව කට පාඩමින් දන්නවා නමුත් පාලි අකුරු දන්නේ නෑ ඒක නිසා පාලි වචන සිංහල අකුරු වලින් ලිව්වා. මේන්න මේ හේතුව නිසා තමයි පාලි භාෂාවට අකුරු නැත්තේ. ඔන්න ඔය ආකාරයට තමයි මාතලේ අළු විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ ක‍රන්න මූලික අඩිතාලම වැටුනේ. ඊට පස්සේ තමයි තායිලන්තය, බුරුමය ආදී රටවල් ඒ අයගේ අකුරු වලින් ත්‍රිපිටකය ප‍රිවර්ථනය කලේ.

බලන්න, නැතිවෙන්න ඔන්න මේන්න කියල තිබිලා අපේ වාසනාවට නූලෙන් බේරුනා. අන්න ඒකයි මේක අහම්බෙන් ලැබුන වාසනාවක් කියල මුලදිම සදහන් කලේ. එහෙම ලැබුන වාසනාවටත් පයින් ගහනවා කියන්නේ ඒක ඒ පුද්ගලයගේම අවාසනාව තමා ඉතිං.
තෙරුවන් ස‍රණයි!!!


තැනෙක ධර්ම දේශනාවක් පැවැත් වෙන විට එතැනට බොහෝ පිරිසක් ධර්මශ්‍රවණය සදහා පැමිණෙති. නමුත් ඔවුන් ගෙන් බොහෝ පිරිසක් එයට සහභාගී වෙනු විනා එම ධර්ම දේශනාව හ‍රි හැටි අවබෝධ ක‍ර නොගනිති. බුදු රජාණන් වහන්සේ ධර්මය මෙන්ම එම ධර්ම කරුණු නිවැරදිව ශ්‍රවණය කලයුතු අයුරු ද අපට පහදා දී ඇත. එනම් ධර්ම දේශනාවක් ශ්‍රවණය ක‍රන පුද්ගලයා තුල පහත කරුණු පහ පිහිටා තිබිය යුතුය.

  1. සුස්සූසති - ධර්මය ඇසීමේ ආසාවක්, කැමැත්තක් එය ශ්‍රවණය ක‍රන කෙනා තුල තිබිය යුතුය.
  2. සෝතං ඕදහති - තම දෙකන් මනාව ධර්ම දේශනාව තුලම පිහිටාගෙන ශ්‍රවනය කල යුතුය.
  3. අඤ්ඤාය චිත්තං උපට්ඨපේති - ධර්ම දේශනාව කෙසේ හෝ අවබෝධ ක‍රගනිමි යැයි අධිෂ්ඨානයෙන් සිටිය යුතුය.
  4. අත්ථං ගණ්හාති - ධර්ම දේශනාවේ ඇති ධර්ම කරුණු හොදින් මතකයේ රඳවා ගනිමින්, අර්ථය වටහා ගනිමින් ශ්‍රවනය කල යුතුය.
  5. අනත්ථං රිඤ්චති - ධර්ම දේශනාවෙන් පිටතට සිත විසිරී යැමට ඉඩ නොදී ධර්ම කරුණු ඔසේම සිත පිහිටුවා ගත යුතුය.
  6. අනුලෝමිකාය ඛන්තියා සමන්නාග‍තෝ ‍හෝති - ධර්ම දේශනාවේ ඇති කරුණු තමන්ගේ ජීවිතයට ගලපා ගනිමින් කටයුතු කිරීම.

අපි මේ ගෙවාගෙන ආව සංසාර ගමන ගෙවලා තියෙන්නේ බොහොම කරදර මැද්දේ. අපි ඒක දන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අපට කියා දුන්න නිසා. බුදු කෙනෙක් පහළ වෙලා මේ සංසාරෙ නොනවතින ගමන ගැන කියල එක නවත්තන, අවබෝධ කරන්න පුළුවන් කියල කියනකන් ඒ බව මේ ලොකේ කිසි කෙනෙක් දන්නේ නෑ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියලා කියන්නෙ අඳුරු ලෝකයට හිරු පායනවා වගේ එකක්.

බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ ධර්මය කියලා දුන්න නිසා මේ ප්‍රශ්නෙ අපි දැන් දන්නවා. අපි මේ සංසාරේ ආවෙ අපායෙන්, අපායට මාරු වෙවී. අපි බොහෝ කාලයක් ඉන්න ඇති තිරිසන් ලෝකයේ, එකත් ඉවර වුණා. නිරයේ ඉන්න ඇති, ඒකත් ඉවර වුණා. මිනිස් ලෝකෙට ආවා. මෙකත් ඉවර උනොත්? ගෙවාගෙන ආව සංසාරේ අපිට නිවන් දකින ධර්මයක් අනුගමනය කරන්න බැරි උනා. ඔන්න දැන් අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. මේ විදියෙ අවස්ථාවක් අයෙ කොයි කාලෙ එයිද කියල හිතන්නවත් බැරි එකක්. ඒ තරමටම දුර්ලභයි. අපේ වාසනාවට අපේ අතපය හොඳට තියෙනවා. අපට යමක් කිව්වහම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නම් අපේ පැත්තෙන් අපි සම්පූර්ණයි.

අපේ වාසනාවට මේ ජීවිතය ගැන කතා කරන ධර්මයක් ඇහෙනවා. ඒ ධර්මය විකෘති වෙච්ච නැති එකක්. ඒ ධර්මය බුදු රජාණන් වහන්සේ නමකගේ ධර්මයක්. ඒ ධර්මය ලැබෙන වෙලාවෙදී අපි ඒ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න ඔනෑ. මේ අවස්ථාව ගිලිහී ගියොත් අපට මොකක් වෙයිද කියලා කියන්න බැහැ.

ඒ නිසා ජාති, ජරා, මරණ වලින් නිදහස් වීම පිණිස.
රාග, ද්වේශ, මෝහ ප්‍රහානය කිරීම පිණිස.
සක්කායදිට්ඨි, විචිකිච්ජා, සීලබ්බත පරාමාස දුරු කර ගැනීම පිණිස.

මේ ධර්මය තුළින් නුවණ මෙහෙයවීමෙන් උත්සාහයෙන් වීර්යයෙන් යුතුව එක්වරම චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගන්නවා කියලා හිතට ගන්න නුවණැති සියල්ලන්ටම හැකියාව ලැබේවා!!!
උතුම් වූ චතුරාර්ය සත්‍ය සැමට අවබෝධ වේවා!!!

සෝක, වැළපීම්, දුක්දෝමනස් සුසුම් හෙළීම් ඇත්තේ විඳවීමට නොව අවබෝධ කිරිමට ය.